මල් විකුණූ දස හැවිරිදි දැරියට හදි කල චීවරධාරියා දුරුතු පොහොය දින අත්අඩංගුවට

අනුරාධපුර පූජා නගරයේ පෙත් මග ආසන්නයේදී දස හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදුකළ චීවරධාරියෙකු දුරුතු පොහොය දින වූ පෙරේදා (17) දින අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පන්සලක 39 හැවිරිදි චීවරධාරියෙකි.
සිය මව සමඟ මල් වෙළෙඳාමේ නිරතව සිටි මෙම දැරිය කිරි පැකට් මිලදී ගැනීම සඳහා ඒ අසල වූ වෙළෙඳසැලකට මව විසින් යවා ඇති අතර මුදල් මදිවීම හේතුවෙන් එක් කිරි පැකට්ටුවක් පමණක් මිලදී ගෙන එන අතරවාරයේදී දැරිය පසුපස චීවරධාරියෙකු පැමිණ ඇති බවත් පොලිසිය පැවසීය.
දැරිය හඬා වැළපෙමින් තම මව අසලට පැමිණ චීවරධාරියා තමාගේ කරට අතක් දමා ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී තමා පැන ආ බව මවට පවසා ඇත.
එම අවස්ථාවේදී මවගේ කෑගැසීමෙන් එක්වූ පිරිස දිව ගිය චීවරධාරියා අල්ලා උඩමළුව පොලිසියට භාරදී තිබේ.
අනතුරුව ඔහුව අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාරදීමට කටයුතු කර තිබුණි.
අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර අත්අඩංගුවටගත් සැකකාර චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
6236 Views
Comments