ටික් ටොක් කිරි සමන්ගේ ෆේස්බුක් ඇඩ්මින් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ටික් ටොක් කිරි සමන්ගේ ෆේස්බුක් ඇඩ්මින් අත්අඩංගුවට

ටික් ටොක් කිරි සමන්ගේ ෆේස්බුක් ඇඩ්මින් අත්අඩංගුවට

11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගැනුණු ටික් ටොක් කිරි සමන්ගේ ෆේස්බුක් පිටුව අක්‍රිය කර තිබෙනවා.

 

මෙම පිටුවෙහි අපයෝජනයට ලක්වූ 11 හැවිරිදි දැරියගේ සහ තවත් දැරියන් රාශියකගේ ඡායාරූප පළ කර තිබී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම ෆේස්බුක් පිටුව පවත්වාගෙන ගිය ඇඩ්මින් වරයාද කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඡායාරූප ලබා ගැනීමට ගත් කැමරා ඒවා සංස්කරණය කිරීමට යොදාගත් පරිගණක ඇතුළු උපකරණ රැසක් ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය භාරයට ගැනුනා.

 

ඔහු පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගැනීමට නියමිතයි.

views

335 Views

Comments

arrow-up