JAN
20
බිල් නොගෙවූ බත්තරමුල්ලේ සීලරතන හිමිගේ විහාරස්ථානයේ ජල සැපයුම විසන්ධි කරයි - සිවුරු හෝදන්න වතුර නෑ කියා පුච්චයි

තමන් ජල බිල්පතේ කොටසක් ගෙවා තිබියදී දැනුම්දිමකින් තොරව ජල සම්බන්දතාවය විසන්ධි කළේ යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.
තිස්සමහාරාම කාවන්තිස්සපුර පිහිටි උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානයේ ජල සැපයුම මෙලෙස විසන්ධි කර ඇතැයි උන්වහන්සේ හම්බන්තොට ප්‍රාදේශීය ජල කලමණාකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූහ.
ජලය නොමැතිකම හේතුවෙන් තමන් වහන්සේගේ සිවුරු පවා සෝදා ගැනීමට නොහැකි බව පවසමින් එම මණ්ඩලය ඉදිරිපිටදී සිවුරු කිහිපයක් ගිනි තැබීමටද උන්වහන්සේ කටයුතු කලහ.
875 Views
Comments