දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

මේ අනුව ඉදිරියේදී ස්කන්ධ හා සුරැකුම්පත් සම්බන්ධයෙන් මුදල් ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලෙක්ම් හා රජයේ ණය අධිකාරී වෙත ක්‍රියාමාර්ග ගැනීමට ගැසට් නිවේදනයෙන් බලය පැවරෙනු ඇත.

 

මේ යටතේ පසුගිය ජුනි 28 වැනි දින වනවිට පැවති ස්කන්ධ හා සුරකුම්පත් මුළුමනින්ම හෝ ඉන් කොටසක් පරිවර්තය කිරීමට හා හුවමාරු කිරීමට බලය ලබා දී ඇත.

 

භාණ්ඩාකාර බැඳුම්කර සකස් කිරීමේදී හා නිකුත් කිරීමේදී වන ඔනෑම වියදමක් ගෙවීම සඳහා ද මෙමගින් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් හා ණය අධිකාරීට බලය පවරා තිබේ.

 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් නිල වශයෙන් දැනුවත් කිරීම අද සිදු විය.

 

දේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව මහ බැංකු පනත, බැංකු විශේෂ විධිවිධාන පනත, විසර්ජන පනත් කෙටුම්පත හා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

 

සංශෝධිත පනත් කෙටුම්පත් අනුමැතිය සඳහා ඉදිරි පාර්ලිමේන්තු සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

views

266 Views

Comments

arrow-up