ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට (27) පස්වරු 5ට දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබේ.
විශේෂ කැබිනට් හමුවක් එම සාකච්ඡාවෙන් පසුව පැවැත්වීමට නියමිතය.
එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ.
අද (27) පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ජුලි 01 වන සෙනසුරාදා උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කැඳවන බවයි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන සහ ජනතා සහය හිමිවිය යුතු බවයි.
වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන සහ සෙසු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළේ යෝජිත ණය ප්‍රතිව්‍යුහගතරණ සැලැස්ම අවසන් වශයෙන් සකස් වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙසයි.
192 Views
Comments