JUN
21
හෝමාගම වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රී 8 ට පමණ තම නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටි පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ ප්දිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
දෙපාර්ශ්වය අතර කලක සිට පැවති පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.
305 Views
Comments