යුද හමුදා වෛද්‍යවරු තැබූ ගිනස් වාර්තාව

වකුගඩු ආශ්‍රිත ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබේ.
කොළඹ යුද හමුදා රෝහලේදී ජුනි 01 දින සිදු කළ මෙම ශල්‍යකර්මය ගිනස් ලෝක වාර්තා අතරට ද එක්වී ඇති බව යුද හමුදාව සඳහන් කළේය.
කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදු කර ඇති අතර ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහාය වී ඇත.
යුද්ධ හමුදා වෛද්‍යවරුන් විසින් ඉවත් කරන ලද මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372ක් දිගින් සහ ග්‍රෑම් 801ක් බරින් යුක්ත වේ.
ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල 2004 වසරේදී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13ක දිගකින් යුක්තයි. බරින් වැඩිම වකුගඩු ගල 2008 වසරේදී පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620ක් ලෙස සඳහන් වේ.
369 Views
Comments