ඩෙංගු ගැන රතු එළියක්

නිසි පාලනයක් නොකළහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතිහාසයේ වැඩිම රෝගීන් වාර්තා වූ වර්ෂය බවට පත්වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා පවසයි.
මේවන විට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් නොකරන බවත් නිවාස ඒකකවලින් සියයට 2ක් පමණ මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේය.
"ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. මේක අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නෑ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගත්තත් මේ වනවිටත් රෝගීන් 35ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දිනකට රෝගීන් 3 - 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙනවා. රක්තපාතය තියෙන රෝගීන් ගත්තහම 7දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේවෙතත් මේ රෝගී තත්ත්වය තවදුරටත් ඉක්මනින්ම අඩුවෙයි කියන දේ විශ්වාස කරන්න අපහසුයි. මොකද වැසි කාලගුණය තවදුරටත් පැතිරෙමින් පවතින නිසා. එනිසා ජනතාව දැඩි අවධානයක් යොමුකරන්න ඕන අවට සහ නිවෙස්වල පරිසරය ඒ වගේම රැකියා ස්ථානය හා පාසල් භූමිය මදුරුවන් බෝ නොවන ස්ථානයක් බවට පත්කිරීමට."
271 Views
Comments