රිලවු රට යවන්නේ නැත්නම් මරන්න තුවක්කු දෙන්න

රජය විසින් රිලවුන් රට යැවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන්නේ නම් වන්නියේ ගොවීන්ට ඔවුන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා තුවක්කු ලබා දෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා ඉල්ලා සිටියි.
ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.
වදුරන් හා රිලව් නිසා වන්නියේ ගොවීන් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු අතහැර දමන තත්ත්වයකට පත්ව සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඔවුන්ගේ වගාවන් ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට බලපත්‍ර මත තුවක්කු ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා ඇත.
260 Views
Comments