දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක් හදිසියේ ගිනි ගනී

ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.
අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම ගින්නක් හටගෙන ඇති අතර ගින්න නිවීමට උත්සහ කිරීමේ එහි සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.
ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
235 Views
Comments