දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අත්අඩංගුවට

තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට "වට්ස් අප්" හරහා අසභ්‍ය ජයාරූප යැවූ එම පාසලේම ගුරුවරයෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම මලියදේවපුර පදිංචි 44 හැවිරිදි විවාහක ගුරුවරයෙකි.
මෙම පුද්ගලයා 14 හැවිරිදි තම දියණියට "වට්ස් අප්" හරහා අසැබි දසුන් එවන බවට දැරියගේ දෙමාපියන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
491 Views
Comments