MAY
24
ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත් විය.
එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බව දැනුම් දුන්නේය.
276 Views
Comments