වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට

වනඅලි ප්‍රහාරයකින් එක්දරු මවක් ජීවිතක්ෂයට

අනුරාධපුර තලාව, ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් 63 හැවිරිදි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඇය අද (17) උදෑසන 6.30 පමණ අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.

 

එහිදී එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මෙම මාර්ගය සමීපයේ ඇති තලාව මොරගොඩ රක්ෂිතය ආවරණය වන පරිදි අලි අගලක් සහ විදුලි වැටක් පැවතියද එය නිසියාකාරව ඉදිකර නොමැති බව ප්‍රදේශවාසීන් පවසයි.

views

262 Views

Comments

arrow-up