MAY
11
පොලිස් ගොඩනැගිල්ලක තිබූ යතුරුපැදියේ කොටස් උස්සලා

දැඩි ආරක්ෂාවක් යටතේ ඇති පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි නවතා තිබූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අයත් යතුරුපැදියක කොටස් රැසක් සොරාගෙන ඇති බව වාර්තා වේ.
භූතානි ගොඩනැගිල්ලෙහි නවතා තිබූ NP WM-1167 දරණ යතුරුපැදියේ කොටස් මෙලෙස අතුරුදහන් වී ඇත.
මෙම ගොඩනැගිල්ලට සපයා ඇති ආරක්ෂාවට අනුව මෙවැනි සොරකමක් පිටස්තර පුද්ගලයෙකුට සිදු කල නොහැකි බව ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් වරයෙක් පවසා තිබේ.
344 Views
Comments