මෙරට වෛද්‍යවරු රැසක් නොකියාම රට යති

2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගත වූ මාස 9 තුළදී වෛද්‍යවරුන් 350 ක් පමණ දැනුම් දීමකින් තොරව විදේශගත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එලෙස විදෙස්ගත වූ වෛද්‍යවරුන් අතර විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකු ද සිටින බව තෘතීය සත්කාරක සේවා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසා ඇත.
මෙම තත්ත්වය රෝගී සත්කාරක සේවා පවත්වා ගෙන යාමට දැඩි බාධාවක් වූ බැවින් එලෙස නොදන්වා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 50 ක් පමණ අසාදු ලේඛනගත කිරීමට සිදු වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
345 Views
Comments