කොල්ලුපිටියේ කාර්යාලයකින් ලැප්ටොප් ඉස්සු කතට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

කොල්ලුපිටියේ කාර්යාලයකින් ලැප්ටොප් ඉස්සු කතට වැඩ වරදී

කොල්ලුපිටියේ කාර්යාලයකින් ලැප්ටොප් ඉස්සු කතට වැඩ වරදී

කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි ලංකා සංචාරක මානව සම්පත් හා පාලන කාර්යාංශයේ ලක්ෂ 05 කට අධික වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක දෙකක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

 

සොරකම සම්බන්ධයෙන් එදිනම එම ආයතනයේ පුද්ගලික පිරිසිදු කිරීමේ අංශයක සේවය කළ කාන්තාවක් ලැප්ටොප් පරිගණක දෙක සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 58 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී තිබේ.

 

ඇය ඊයේ (03) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි (05) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

views

270 Views

Comments

arrow-up