ආගම් භේද ඇති කලොත් අවුරුදු 10කට හිරේ

භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවභාවිත කරමින් ආගම් අතර හෝ ජන වර්ග භේදභින්න කරන පුද්ගලයන්ට එරෙහිව උපරිම දඬුවම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසන අතර එවැනි කටයුතු සඳහා සම්බන්ධ වන්නන්ට මෙරට අධිකරණ මගින් වසර දෙකේ සිට වසර දහය දක්වා සිර දඬුවම් ලබා දීමට හැකියාව ඇති බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව යනු බහුආගමික, බහුජාතික රටක් බවත් ඔවුන්ට භාෂණයේ නිදහස මෙන් ම අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු බෙදා හැරීමේ නිදහස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අතර මෙම නිදහස අවභාවිත කරමින් ඇතැම් පුද්ගලයන් ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරමින් තිබෙන අයුරු පෙනෙන්නට තිබෙන බව ද එය ඉතා ඛේදනීය හා බරපතළ ගැටලුවක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රාජ්‍ය බිඳ දැමීම සඳහා ජාත්‍යන්තර හා දේශීය වශයෙන් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බැවින් ඒවාට හසු නොවන ලෙස තමා මෙරට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ (මැයි 30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
337 Views
Comments