ඕ.අයි.සී ගේ ජීප් රියේ කුණුහරප ලියූ සී.අයි අත්අඩංගුවට

ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
රාත්‍රී කාලයේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී කිසිවකු විසින් එය සූරා අලාභ හානි සිදුකර එහි අසභ්‍ය වදන් ලියා තිබුන අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
මෙම විමර්ශනය සිදු වෙමින් පවතින අතරතුර ජා ඇල පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සේවයට වාර්තා කර නොමැති අතර සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් අප්‍රේල් 21 දින ඔහුට තනතුර අතහැර යාමේ නියෝග නිකුත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියල්ල තහවුරු කරගෙන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
331 Views
Comments