බස් ගාස්තු පහළට

එළැඹෙන ජූලි 01 වැනිදා සිට අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
ඉන්ධන මිල, වාහන අමතර කොටස් මිල, ටයර් සහ බැටරි මිල ඇතුළු කාණ්ඩ 12 ක් සැලකිල්ලට ගෙන ප්‍රතිශතයක් ඉදිරිපත් කරන බවත් ඊට අමතරව පසුගිය කොවිඩ් සමයේදී ආසනගතව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය සහිතව වැඩි කරන ලද 20%ක බස් ගාස්තුවෙන් මෙතෙක් අඩු කර නැති 10% ද එක්කර ගන්නා බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර ඒ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම ගාස්තුව ඇතුළු සියලුම ගාස්තු අඩුකළ හැකි බවද එම ප්‍රකාශකයා පැවසීය.
245 Views
Comments