JUN
21
ජිව අත්බෝම්බයක් මාළු දැලක පැටලෙයි

අඟුරුවාතොට කැන්නන්තුඩාව ප්‍රදේශයේ පින් වේල්ල ඇළ මාර්ගයේදී මාළු දැලක පැටලී තිබූ ජිව අත්බෝම්බයක් සොයා ගත් අඟුරුවාතොට පොලීසිය පවසයි.
පින් වේල්ල ප්‍රදේශයේ ඇති කුඹුරු සඳහා ජලය සැපයෙන ඇළ මාර්ගයේ තරුණයන් තිදෙනකු මාළු ඇල්ලීම සඳහා දැල් දැමීම සිදු කරමින් සිටියදී දැලෙහි පැටලී මෙම ජීව අත්බෝම්බය හමු වී තිබේ.
එම බෝම්බය කිසියම් හෝ පුද්ගලයෙකු විසිකළ බෝම්බයක් විය හැකි බව පොලිස් සැක කරන් අතර අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
195 Views
Comments