බීමත් ඇමැති රියදුරා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

බීමත් ඇමැති රියදුරා අත්අඩංගුවට

බීමත් ඇමැති රියදුරා අත්අඩංගුවට

අමාත්‍යවරයකුට අයත් නිල රථයක් බීමතින් පදවාගෙන ගිය ඇමති රියදුරෙකු නාරහෙන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

රියදුරා බීමතින් රථය පදවාගෙන යන අවස්ථාවේ අමාත්‍යවරයා රථයේ ගමන් කර නොමැති අතර අමාත්‍ය වරයාගේ නිල රථය පොලිස් භාරයට ගෙන ඇත.

 

අමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු මේ අවස්ථාවේ එම නිල රථයේ සිට ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

නාරහෙන්පිට පොලිස් ස්ථානයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුව ළඟ දී පොලිස් නිලධාරීන් සමඟ ඇමති රියදුරා සහ පොලිස් කොස්තාපල්වරයා බහින්බස් වීමක් සිදු කර ගෙන තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

views

274 Views

Comments

arrow-up