ඔටිසම් දරුවන්ට වධකාගාරයක් වූ පෙරපාසල

පසුගිය දවසක වාර්තා වූ ඔටිසම් කුඩා දරුවෙකුට කරන ලද සාපරාධී හිරිහැර නිසා මුහුණු පොතේ මවක් තැබූ සටහනයි මේ...
"අපට මේ සමාජයේදී විවිධ මිනිසුන් හමුවේ. ඇතැම් මිනිසුන් දෙවියන් ලෙස සැලකිය හැකි තරම් උතුම් වන අතර ඇතමුන් අමනුෂ්‍යයින්ටත් වඩා පහළ ගතිගුණ සහිත අය වේ. මේ සටහනද මනුෂ්‍යත්වයට තරම් නොවන සිදුවීමක් ගැනය. කොටින්ම මේ පුවතෙන් මා විඳි කම්පනය මේ සටහන තබන මොහොතේත් එලෙසම පවතී.
Teddy's Castle Special Need School යනු මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පවත්වාගෙන යන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ පෞද්ගලික පෙරපාසලකි. කොට්ටාව, රාගම හා කුරුණෑගල යන ප්‍රදේශවලද එහි ශාඛාවන් පවතී. මෙම පෙර පාසල් ජාලයේ ප්‍රධානියා වන්නේ ගයනි චම්පිකා නැමැත්තියකි. කටුගස්තොට ශාඛාවේ ප්‍රධාන ගුරුවරිය ඇගේ සොහොයුරිය වන අයේෂා නැමැත්තියකි.
පසුගිය දිනක කටුගස්තොට පිහිටි මෙම පෙරපාසලේ අවුරුදු 4 ක ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවෙකු තම ගුරුවරියට ඔහුගේ ආදරය පෙන්වීමට උත්සාහ කර ඇත. සන්නිවේදන දුර්වලතා සහිත මෙම දරුවන් තම හැඟීම් ප්‍රකාශ කරන්නේ මුහුණේ ඉරියව් වලින් හා චර්යාවන් මගිනි. අනෙක් සෑම දරුවෙකුටම මෙන්ම ඔවුන්ටද ආදරය අවශ්‍ය වේ. ඔවුන් එය බලාපොරොත්තු වේ.
නමුත් ගුරුවරියක් යැයි පවසා ගන්නා මෙම අයේෂා නැමැත්තිය එයට ප්‍රතිචාර දැක්වූ අයුරු ජුගුප්සාජනකය. "මනමාල කමට එනවද?" යැයි අවුරුදු හතරේ කුඩා දරුවාගෙන් විමසමින් කළුවර කාමරයකට ගෙන ගොස් වධ හිංසාවන්ට භාජනය කර ඇත. ඇගේ මානසිකත්වය ගැන විග්‍රහ කිරීමට තබා සිතා ගැනීමටවත් අපහසුය.
මෙය පළමු සිදුවීම නොවන බවට එම පෙරපාසල් ජාලයේ දෙමාපියන් සාක්ෂි දරයි. දරුවන්ට පහරදෙන සිදුවීම් පිළිබඳව මීට පෙරද දෙමාපියන් පැමිණිලි කර තිබේ. මේ පුවත පළ වීමත් සමඟ සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ දෙමාපියන් තමන් මුහුණ දුන් මෙවැනි අත්දැකීම් ප්‍රකාශ කර ඇත. මෙහි ඇතැම් පෙරපාසල් ආසන්නයේ වෙසෙන නිවැසියන්ද දරුවන් විලාප දෙන ශබ්ද ඇසෙන බව පවසා තිබේ.
විහිළු සහගතම කරුණ නම් දරුවන්ට වධකාගාරයක් වූ මෙම පෙරපාසල් ජාලයේ පාලිකාවගේ සැමියා දේවගැතිවරයෙකු වීමයි.
වර්තමානයේ අපි බොහෝ අපරාධ හා විෂමාචාර ක්‍රියා පුවත් ලෙස දෛනිකව දකින්නෙමු. වෙනදාට වඩා ඒවා වැඩි වී ඇති බවත් අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. නමුත් මල් වැනි කුඩා දරුවන් තලා පෙළන මෙවැනි අමානුෂික ක්‍රියා හුදෙක් පුවත් ලෙස පමණක් ලඝු කළ යුතු නොවේ. මේ අපේ දරුවන් ය. දරුවන්ගේ ලෝකයේ විෂ තවරන මෙවැනි අධමයින් නීතිය හමුවට පැමිණවීමට අප විසින් ක්‍රියාකාරීව මැදිහත් විය යුතුය.
බළධරයිනි, මේ පාපතරයින්ට දැඩි දඬුවම් ලබා දෙන්න."
මේ පිළිබඳව කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ආයුබෝ අප නිරන්තර විමසිල්ලෙන් සිටියි..
351 Views
Comments