JUN
20
ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් හමුවෙයි

බ්‍රිතාන්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
එහිදී ජනාධිපතිවරයා හා මහලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහාය දැක්විය හැකි ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.
262 Views
Comments