හම්බන්තොට ගොවීන්ට වන්දි ලබා දේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

හම්බන්තොට ගොවීන්ට වන්දි ලබා දේ.

හම්බන්තොට ගොවීන්ට වන්දි ලබා දේ.

2022 යල කන්නයේ වගා හානි වූ වී ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 70 ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

 

මෙම වන්දි මුදල් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලබා දීමේ වැඩසටහන පසුගියදා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දී ආරම්භ විය. ඒ අනුව තිස්සමහාරාම හා වීරකැටිය ප්‍රදේශවල වගාහානි සිදු වූ ගොවීන්ට වන්දි පිරිනැමීම සිදුකෙරිණි.

 

 

2022 යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන් 3,499 දෙනෙකුට වන්දි ලබා දීමට කටයුතු යොදා ඇති අතර හානියට ලක් ව තිබු කුඹුරු ප්‍රමාණය අක්කර 3,326 කි. මින් වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, මඩකලපුව, හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලිනි.

 

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගහජඳුර, මයුරපුර, අම්බලන්තොට හා වීරවිල යන ප්‍රදේශවල වගාහානි සිදුවූ ගොවීන් 89 දෙනෙකුට රුපියල් විසිහත්ලක්ෂ හැත්තෑ දෙදහස් නවසීයක මුදලක් (2,772,900) වන්දි වශයෙන් පිරිනමන ලදී.

 

 

කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ වගාහානි වන්දි ලබා දෙනු ලබන්නේ වන අලි, නියඟය හා ගංවතුර යන හේතුන් මත සිදුවන වගා හානි සඳහා පමණි.

 

views

216 Views

Comments

arrow-up