යුක්‍රේන වේල්ල රුසියානු හමුදා විසින් පුපුරුවා හරී

යුක්‍රේන හමුදාව සඳහන් කළේ දකුණු යුක්‍රේනයේ රුසියානු පාලන ප්‍රදේශයක පිහිටි වේල්ලක් රුසියානු හමුදා විසින් පුපුරුවා හැර ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජල මට්ටම ඉහළ යාමත් සමග යුක්‍රේන බලධාරීන් ඒ අවට කලාපයේ සිටින පදිංචිකරුවන්ගෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇති බවයි.
විනාශ වූ Nova Kakhovka වේල්ල කැඩී යාමෙන් පසු ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් Kherson නගරයට විශේෂයෙන් එය බලපානු ඇති බවත් Dnipro සහ Inhulets ප්‍රදේශවල පහත් බිම්වලට ද බලපානු ඇති බවත් සඳහන් වේ.
වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ Kherson නගරයේ මෙහෙයුම් සිදු කරමින් ගංවතුර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කරමින් සිටින බවයි.
238 Views
Comments