MAY
30
යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් මෙරටදි හමුවෙයි.

අද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව හෙළිදරව් විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරින් එම සභාව හමුවට කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
සේයා පටල සැකසීමට යොදාගන්නා යන්ත්‍රයක් මෙලෙස මෙරටට මිලදීගෙන ඇත.
අදාළ යන්ත්‍රය 1999 වසරේදී මෙලෙස අධික මුදලක් වියදම් කර ගෙන්වා ඇතිමුත් අද වනතුරු භාවිතයට ගෙන නොමැති බව එහිදී වැඩිදුරටත් අනාවරණය විය.
236 Views
Comments