අත්අඩංගුවට ගත් අලි සබ්‍රිට මිලියන 7.5ක දඩයක්

නීතිවිරෝධී ලෙස මෙරටට රත්‍රං සහ ස්මාට් දුරකථන රැගෙන විත් රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.
අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවත් රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්තරන් තොගයේ මුළු බර කිලෝ 3 කුත් ග්‍රෑම් 397 ක් වූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 74 ක් වන බව ගණන් බලා තිබේ.
ජංගම දුරකථන තොගය තුල ස්මාර්ට් දුරකථන 91 ක් තිබුණ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 4.2 ක් වන බව ගණන් බලා තිබේ. ඒ අනුව එම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 78.2 වේ.
245 Views
Comments