එක් දිනක් තුළ සිදුකරන විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

එක් දිනක් තුළ සිදුකරන විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද

එක් දිනක් තුළ සිදුකරන විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද

එක් දිනක් තුළ සිදුකරන විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද දිනය තුළ පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලසුම් කර තිබෙනවා.

 

රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමට නියමිත බවත් දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 9,000 ක බිල්පත් සහ දින 182 කින් හා දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,500 බැගින් වන භාණ්ඩාරගාර බිල්පත් එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන බව වැඩිදුර ආරංච් මාර්ග සඳහන් කරයි.

 

රජයට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම අභියෝගාත්මක තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවක් පවතින අවස්ථාවකදී එය සිදු කිරීමට යාම අපහසු කටයුත්තක් බව සඳහන් වේ.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුවහගතකරණයේ අවදානම සැලකිල්ලට ගනිමින් රජයට ණය ලබාදෙන පාර්ශව ඉහළ පොලී අනුපාත යටතේ එම ණය සැපයීම රටේ පවතින අවස්ථාව තේරුම් ගනිමින් සිදුකරන බවයි.

views

248 Views

Comments

arrow-up