බඩෝවිට ලොකු මල්ලී පොලිස් දැලේ

වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නමැත්තාගේ සමීපතමයෙකු වන “බඩෝවිට ලොකු මල්ලි” හෙවත් 37 හැවිරිදි චමින්ද කුමාර සිල්වා මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී හෙරොයින් සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.
අදාල මෝටර් රථය තුළ රුපියල් ලක්ෂ 3 ක පමණ වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 16 කට ආසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් සොයා ගත් බව පොලිසිය සඳහන් කර සිටී. පසුව සැකකරු දෙහිවල පොලිස් ස්ථානයට භාරදී ඇති අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
335 Views
Comments