මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් හා පාපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් පාපැදියට මෙන්ම මෝටර් රථයට ද දැඩි හානි සිදුව ඇත.

 

ඉපලෝගම පොලිස් වසමේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර මහඉලුප්පල්ලම, කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පුෂ්පික කසුන්ත සමරතුංග නම් සිසුවෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

සිසුවා මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ උපකාරක පන්තියක් සඳහා ගොස් නිවසට පාපැදියෙන් පැමිණෙමින් සිටියදීය.

 

ඊයේ (16) දින සවස 5ට පමණ මෙම අන්තුර සිදු වී ඇත.

 

අනතුර සිදුවු ස්ථානයේ සිට සිසුවාගේ නිවසට ඇත්තේ මීටර 500ක වැනි දුරක් බව වාර්තා වේ.

 

සිසුවා ගමන් ගත් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථය, සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අසල තිබූ දුරකථන කණුවක ද ගැටී නතර වී තිබේ.

 

රෝහල වෙත ඇතුළත් කරන විටත් සිසුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර, අද (17) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

 

මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

 

මෝටර් රථ රියදුරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිටියාදැයි පරීක්ෂා කිරීමට මේ වන විට රුධිර සාම්පල ලබාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

views

277 Views

Comments

arrow-up