කළුතර සිසුවියගේ මරණය හේතුවෙන් හෝටල් හිමියන්ගේ සංගමයෙන් විශේෂ ඉල්ලීමක්

පසුගියදා කළුතර සිදු වූ කණගාටුදායක සිදුවීමට වග කිව යුත්තේ මෙලෙස අවිධිමත් හා වගකීමෙන් තොරව පවත්වාගෙන යන හෝටල් බව සමස්ත ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති සඳහන් කරයි. මුහුණු ආවරණය කර පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ඉතා සැළකිළිමත් වන ලෙසත් එය හෝටල් සහ සංචාරක කර්මාන්තයේ වෘත්තියේ නියැලී සිටින සියලු දෙනාගෙ වගකීම බවත් ඔහු සඳහන් කර සිටී.
මෙම කළුතර සිසුවියගේ මරණය සංචාරක ක්ෂේත්‍රයට විශාල කැළලක් බවත් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ මතු පැවැත්ම උදෙසා ඉතා කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඔහු හෝටල් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.
එසේම තම වගකීම පැහැර හරින හෝටල් සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඒ සඳහා තම සංගමයෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුර සඳහන් කළේය.
336 Views
Comments