විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් කළුතර දී විදුලි සැර වැදී මරුට

කළුතර උතුර පොලිසියේ සේවය කොට විශ්‍රාම ලැබූ කළුතර දකුණ, සේරුපිට, කොහොලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඔහුගේ නිවසේ රූපවාහිනිය සඳහා ඇන්ටනාව සකස් කිරීමේදී ඇන්ටනා බටය විදුලි වයරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
බරපතල තත්ත්වයෙන් සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දකුණු කළුතර පොලීසිය විසින් සිදු කෙරේ.
284 Views
Comments