ප්‍රතිත්‍රස්ත පනත ගැන ජනතාවගේ අදහස් කියන්න විජේදාස මැයි 31 දක්වා කල් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ප්‍රතිත්‍රස්ත පනත ගැන ජනතාවගේ අදහස් කියන්න විජේදාස මැයි 31 දක්වා කල් දෙයි

ප්‍රතිත්‍රස්ත පනත ගැන ජනතාවගේ අදහස් කියන්න විජේදාස මැයි 31 දක්වා කල් දෙයි

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැයි 31 වනදා දක්වා මහජන අදහස් යොමු කිරීමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

 

ඒ අනුව අදාළ කාලය තුළ ජනතාවට මෙන්ම සිවිල් සංවිධානවලට තම යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර, ඒවා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.

 

ඒ අනුව අදාළ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා වේ.

views

261 Views

Comments

arrow-up