ඌරගස්මංහන්දියේ කුඹුරු යායක අබිරහස් කාන්තා මළසිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ඌරගස්මංහන්දියේ කුඹුරු යායක අබිරහස් කාන්තා මළසිරුරක්

ඌරගස්මංහන්දියේ කුඹුරු යායක අබිරහස් කාන්තා මළසිරුරක්

කුඹුරු යායක නියරක් මත මුනින් අතට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

ඊයේ (02) දින එම මළ සිරුර ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීර ජනපදයේ පෙරපාසලක් පිටුපස තිබී හමුවූ බව පොලිසිය සඳහන් කර සිටී.

 

මෙලෙස මියගොස් ඇත්තේ වල්ඉඟුරුකැටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව සඳහන් වේ. ඇය වැටී සිටි ස්ථානය අසල අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක් ද දක්නට ඇති අතර අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් මෙම කාන්තාව මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කර සිටී.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

 

views

233 Views

Comments

arrow-up