කුඩා මැදවච්චියේදී නිදන් සෙවූ පිරිසකට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

කුඩා මැදවච්චියේදී නිදන් සෙවූ පිරිසකට වැඩ වරදී

කුඩා මැදවච්චියේදී නිදන් සෙවූ පිරිසකට වැඩ වරදී

කරුවලගස්වැව පොලිස් වසමේ කුඩා මැදවච්චිය ප්‍රදේශයේ දී ඊයේ (02) දින පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් සිදුකරන බවට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

 

එහිදී කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් 10 දෙනකු කැණීම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

සැකකරුවන් පොළොන්නරුව, අඹන්පොල, අඹේපුස්ස, ඇඹිලිපිටිය, මොණරාගල, බඩල්කුඹුර හා අම්පාර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 48 ත් 59 ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.

 

ඔවුන් අද (03) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

 

views

262 Views

Comments

arrow-up