දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

දෙහිවල වායු සමීකරණ අලුත්වැඩියා මධ්‍යස්ථානයකදී පිරිසක් විසින් පුද්ගලයන් දෙදෙනෙකුට පහර දී එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් 14 දෙනා අවුරුදු 19 ත් 99 ත් අතර කින්නියා, නිලාවේලී, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කර සිටී.

 

සිද්ධියෙන් ඝාතනයට පත්ව ඇත්තේ ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි ඩිල්ෂාන් රංග කුමාර වන 27 හැවිරිදි පුද්ගලයෙක් අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අතර ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක පුද්ගලයෙකි.

 

දෙහිවල ප්‍රදේශයේ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැන යාමට උත්සහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත ඉදිරිපත් කර තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙසේ එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.

views

312 Views

Comments

arrow-up