ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා සුරූපිනියන් 09ක් අල්ලයි

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (02) සවස වටලා පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් 09 දෙනෙකු සහ ගණිකා නිවාසය කළමනාකරණය කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 20 ත් 43 ත් අතර වයස් සීමාවල පසුවන්නන් බව පොලිසිය සදහන් කර සිටී.
මොවුන් මැදවච්චිය, බුත්තල, මොරටුව, පොතුවිල්, රක්වාන, රත්මලාන හා වාද්දුව යන ප්‍රදේශ වල පදිංචිකාරියන් බව සඳහන් වේ.
අඩංගුවට ගත් සැකකාරියන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
286 Views
Comments