MAY
03
දන්සල් දෙන අයට විශේෂ දැනුම් දීමක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරික්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් තුන්දාහක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටී.
දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්ය බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටී.
දැනට පවතින තත්වය හේතුවෙන් පාචන රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ජලය පරිහරණයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
298 Views
Comments