බූස්සේ සිරකරුවකු පැන ගිහින්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ මොරටුව ලුණාව රෝහල් වත්තේ අශෝක රුක්මල් ප්‍රනාන්දු නමැති මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි සිරකරුවෙකි.
මෙම සිරකරු දවසේ වැඩ අංශයට අනුයුක්තකර බන්ධනාගාර භුමිය පිරිසිදු කිරිමේ කටයුතුවල යොදවා ඇත. දෛනික වැඩ අවසන් වී සිරකරුවන් නැවත සිරකුටිවලට යැවිම සඳහා පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් පසු සොයා බැලුවිට ඔහු පලාගොස් ඇති බව අනාවරණය වී තිබේ.
245 Views
Comments