දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්‍යය ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත ඊයේ (23) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

 

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රීවරයා තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී එහි සිටි පිරිස විසින් එය වැළකූ බවත් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

views

213 Views

Comments

arrow-up