වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

 වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට සහනයක්

 වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට සහනයක්

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදි සඳහන් කළේ  වීසා කාලය ඉක්මවා ඇති විදේශීකයින්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සදහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බවයි.

 

 

ඒ අනුව වීසා කාලය දීර්ඝ කරගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශීකයින් සඳහා දඩ මුදල් අය නොකිරිමට තීරණය කර තිබේ.

 

 

අතිවාස කාලසීමාව දින 7කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සදහා අමෙරිකානු ඩොලර් 250ක මුදලක් අය කිරීමටත් අතිවාස කාලසීමාව දින 14කට වැඩි කාලසීමාවක් සදහා අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කිරිමටයත් එහිදී තීරණය කර ඇත.

 

 

මෙම සංශෝධන සිදුකර ඇත්තේ ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සහ මෙරට තුළ ක්‍රියාත්මක විදේශ දූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හට දඩ මුදල් ගෙවීම හේතුවෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමිනි.

 

 

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාල සීමාව සඳහා මීට පෙර අමෙරිකානු ඩොලර් 500ක මුදලක් අය කෙරූ බව වැඩිදුරටත් සඳහන් වේ.

views

249 Views

Comments

arrow-up