ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය පහළට

ඉන්දියාවේ සිල්ලර වෙළදපල වසර දෙකකට පසු පළමුවරට පසුගිය මාසයේ දී උද්ධමනය පහළ ගොස් තිබෙනවා.
ඉන්දියාවේ සිල්ලර වෙළදපල උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 4.7ක් ලෙස වාර්තා වූ අතර පසුගිය මාසයේ දී එය සියයට 4.25 දක්වා අඩු අගයකට පැමිණ තිබුණි.
ඉන්දීය මහ බැංකුව නිවේදනය කරන්නේ මෙලෙස සිල්ලර වෙළදපල උද්ධමනය අවමවීමට ප්‍රධාන හේතුව ආහාර හා ඉන්ධන මිල පහළ යාම බවයි.
එරට ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 3.84ක් ලෙස දැක්වුණු අතර මැයි මාසයේදී එය සියයට 2.91 දක්වා පහළ ගොස් තිබේ.
ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ දී සියයට 5.52ක් වූ ඉන්ධන උද්ධමනය මැයි මාසයේදී සියයට 4.64දක්වා පහළ ගොස් ඇති බවයි.
එමෙන්ම එරට මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව සියයට 6.5 පවත්වා ගැනීමට කටයුතු කර තිබේ.
392 Views
Comments