පෝරකයට නියම වූ සෙබළා නි‍දොස් කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

පෝරකයට නියම වූ සෙබළා නි‍දොස් කොට නිදහස්

පෝරකයට නියම වූ සෙබළා නි‍දොස් කොට නිදහස්

2004 ජනවාරි 6 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශය තුළ මහවැලිතැන්නහිදී පිහි ඇනුමකින් පියසේන මද්දුම බණ්ඩාර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.

 

 

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නඩු විභාගය අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ පැවැත්විණි. නඩු විභාගයෙන් අනතුරුව විනිසුරු රත්නායක මහතා විසින් විත්තිකරු පිහියෙන් ඇන ඝාතනය කළ බවට වරදකරු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

 

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.

 

 

ඉන් අනතුරුව විත්තිකරු මරණීය දණ්ඩනය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය සලකා බැලූ ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අනුරාධපුර මහාධිකරණයේදී ආරම්භයේ සිටම නව නඩු විභාගයක් පැවැත්වීමට නියෝග කළේය.

 

 

මෙම නඩුව අනුරාධපුර මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥ අරවින්ද හබක්කල මහතා ඉල්ලා සිටියේ මෙම නඩුව ජූරි සභාවක් මගින් විභාග කරන ලෙසයි.

 

 

විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා කළ ඉල්ලීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව ජූරි සභාවක් හමුවේ සලකා බැලීමට අවසර දුන්නේය.

 

 

දින පහක් අඛණ්ඩව සාකච්ඡා කිරීමෙන් අනතුරුව විත්තිකාර හිටපු හමුදා සෙබළා මිනීමැරුම් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ ජූරි සභාව ඒකමතිකව තීරණය කළේය.
 

views

276 Views

Comments

arrow-up