පෙම්වතියගේ පියා පෙම්වතා උස්සයි

පෙම් යුවළක් උපකාරක පන්ති නිමා වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටිදි පෙම්වතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පෙම්වතියගේ මව, පියා සහ පියාගේ මිත්‍රයකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම 17 හැවිරිදි සිසුවා හා 18 හැවිරිදි සිසුවිය තම පාසල ආසන්නයේ ඇති පෞද්ගලික උපකාරක පංතියක දේශන නිමා වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටියදී සිසුවියගේ පියා තවත් මිතුරෙකු සමග මෝටර් රථයකින් පැමිණ සිසුවා හා තම දියණිය මෝටර් රථයට නංවාගෙන කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් තිබේ.
එහිදී සිසුවියගේ මව, පියා සහ මිතුරා එක්ව සිසුවාට පහරදී තර්ජනය කොට ඇති අතර පසුව නැවත නිත්තවල ප්‍රදේශයේ පිහිටි සිසුවා ගේ නිවසට පැමිණ සිසුවා භාරදී ඇති බව පොලිසිය පවසයි.
සිසුවාට පහරදුන් බවට සිසුවා දෙමව්පියන්ට පැවසීමෙන් පසු සිසුවා පෙරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
376 Views
Comments