ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩවර්ජනයක් අද ක්‍රියාත්මක කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩවර්ජනයක් අද ක්‍රියාත්මක කරයි

ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩවර්ජනයක් අද ක්‍රියාත්මක කරයි

ගුරු අධ්‍යාපනඥයින් අද දින සේවයෙන් ඉවත් වී සංකේත වැඩවර්ජනයක නිරත වන බව සඳහන් වේ.

 

 

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19, ගුරු විද්‍යාල 08 සහ ගුරු සේවා මධ්‍යස්ථාන 113 හි සේවය කරන ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩවර්ජනයක නිරත වේ.

 

 

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සම ලේකම් ධම්මික මිරිහාන පැවසුවේ වසර ගණනාවක සිට ගුරු අධ්‍යාපනඥයින්ට බලපා ඇති ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් එම  වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 

 

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සම ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.  

views

318 Views

Comments

arrow-up