තෙල් සංස්ථාවට නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

තෙල් සංස්ථාවට නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

තෙල් සංස්ථාවට නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා වසර 2ක කාලයක් කුලී පදනම මත නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් සේවයේ යෙදවීම සඳහා වන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව එම කොන්ත්‍රාත්තුව M/s Sri Lanka Shipping Company Limited වෙත හිමිව තිබේ.

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් කුලී පදනම මත ලබා ගැනීම සඳහා 2022-11-21 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණි.
 

views

299 Views

Comments

arrow-up