අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ බෙදා දීමට සියළු කටයුතු සූදානම්

"අස්වැසුම" සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් ආරම්භ කිරීම සඳහා ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය 91.5% කින් අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.
එම නිවේදනයේ සඳහන් වන්නේ ඒ අනුව මෙම සුබසාධන වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ගේ උපදෙස් පරිදි ජූලි 01 වන දා ආරම්භ කිරීමට නියමිත බවයි.
එහිදී සංක්‍රාන්තික පවුල් සඳහා ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා මසකට රුපියල් 2,500 ක් ලබාදීමට නියමිතව තිබේ.
එමෙන්ම ලබන වසරේ මාර්තු 31 දක්වා අවදානමට ලක්වූ පවුල් සඳහා මසකට රුපියල් 5000 ක් ලබා දීමට යෝජනා කර ඇති අතර දුප්පත් පවුල් සඳහා රුපියල් 8500 දීමනාවක් ජූලි 01 වැනිදා සිට වසර තුනක කාලයක් පුරාවට ලබා දීමට නියමිත බවද වාර්තා වේ.
මීට අමතරව ජූලි 01 වනදා සිට වසර තුනක කාලයක් පුරා අන්ත දිළිඳු පවුල් සඳහා රුපියල් 15000 ක දීමනාවක් ලබාදෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.
1120 Views
Comments