ටිරාන් අලස්ගෙන් දේශපාලන පක්ෂ වලට සහ ආරක්ෂක අංශ වලට විශේෂ ස්තූතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ටිරාන් අලස්ගෙන් දේශපාලන පක්ෂ වලට සහ ආරක්ෂක අංශ වලට විශේෂ ස්තූතියක්

ටිරාන් අලස්ගෙන් දේශපාලන පක්ෂ වලට සහ ආරක්ෂක අංශ වලට විශේෂ ස්තූතියක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ දිනට යෙදුනු ලෝක කම්කරු දිනය උදෙසා පැවැත්වූ රැළි සහ පෙළපාලි සාමකාමී අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ වලට සහ පොලිස් නිලධාරීන්ට ස්තූතියක් පුද කර තිබේ.

 

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු වලට බාධා නොකර සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ හා සංවිධානවලට මෙහිදී  ඔහු ස්තූතිය පුදකර තිබේ. මැයි දින පෙළපාලි හා රැස්වීම් පැවැත්වූ සෑම ස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ඊයේ දිනයේ යොදවා තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

views

268 Views

Comments

arrow-up