පොළොන්නරුව කවුඩුලුවැව පාසලට ඇමති රොෂාන්ගෙන් විශේෂ ප්‍රධානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

පොළොන්නරුව කවුඩුලුවැව පාසලට ඇමති රොෂාන්ගෙන් විශේෂ ප්‍රධානයක්

පොළොන්නරුව කවුඩුලුවැව පාසලට ඇමති රොෂාන්ගෙන් විශේෂ ප්‍රධානයක්

ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂන් රණසිංහ මැතිතුමා පො/කවුඩුලුවැව මහින්ද ජාතික පාසලෙහි අඩුපාඩුවක්ව පැවති ක්‍රිකට් පුහුණු පැති ක්‍රීඩාගාරයක් සිසු අයිතියට පත් කිරීමටත්, පාසලට අව්‍යශ ක්‍රීඩා උපකරණ ලබා දීමටත් කටයුතු කර තිබේ.

 

මෙම ඉදිකිරීම් සඳහා ජාතික ක්‍රීඩා සංවර්ධන අරමුදලෙන් සෘජුවම පාසල් සංවර්ධන අරමුදලට ප්‍රතිපාදන ලබා දී ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ වෙන් කළ අරමුදල මගින් මැදිරිගිරිය පො/කවුඩුලුවැව මහින්ද ජාතික පාසල සඳහා ලක්ෂ 25 ක ප්‍රතිපාදන මත සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ඉදිකළ ඉංග්‍රීසි ඒකකයක්ද සිසු අයිතියට අද පත් කළේය.

 

views

278 Views

Comments

arrow-up