වත්තේගම බුදු කුටියක් අසල දමා ගිය බිළිඳා තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

මහනුවර ඇල්කඩුව වත්තේගම ප්‍රදේශයේ බුදු කුටියක් අසල ඉකුත් මැයි 4 වනදා දමා ගොස් සිටියදී හමු වූ දින 5 ක් වයසැති බිළිඳා මේ වනවිට මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වන බව වාර්තා වේ.
බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
නමුත් බිළිඳාගේ අවශ්‍යතාව සළකා මව ද මහනුවර ජාතික රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රඳවා සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
අදාල මව 36 හැවිරිදි මාතලේ කරගහහින්න ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය තම නිවසේදී දරුවා බිහි කර මාතලේ දෙසට ධාවනය වූ ලොරි රථයකින් පැමිණ දරුවා එම ස්ථානයේ දමා ගොස් ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.
337 Views
Comments